Monday, July 6, 2020

ගලන ගඟට නවතිනු බෑ

 

 ගලන ගඟකි මම
                                     වලකාලනු බෑ
                                     ඔබේ දෑතින්

                                    සැඬ පහරක්වී
                                    ගසාගෙනගොස්
                                     එකතුවී ඇත
                                     මහ මුහුදට
                                  උදුරාගෙන මා සතුවූ
                                  අවසන් හුස්ම පොද ද

                                  වගේ වගක් නැත
                                   මහ මුහුදට
                                 තවත් මුහුවීමක් පමණි

..:::මොහිදීන් බෙග්:::..

ඉන්දියාවෙහි, තමිල්නාඩුවෙහි 1919 දෙසැම්බර් 5 උපන් බෙග්, 1932 වසරෙහිදී ශ්‍රී ලංකාවට සංක්‍රමණය වූ අතර, කේ. කේ. රාජලක්ෂ්මී සමග ගැයුනු යුගල ගීතයක් වූ කරුණා මුහුදේ නාමු ගිලීලා යන ඔහුගේ පළමු ගීතය, 1934 වසරෙහිදී පටිගත කලේය. සිංහල සිනමා වංශ කතාවේ මුල් පරිච්චෙදයේ පටන්ම ලියැවි අසෝකමාලා චිත්‍රපටියේ ගායනයෙන් චිත්‍රපට පසුබිම් ගායකයෙකු වශයෙන් ගායන ශේත්‍රයට පිවිසි අල්හාජ් මොහිදින් බෙග් පරම්පරා කිපයක රසික සිත් සැනසු ගායකයෙකී. අන්්‍ය ආගමිකයෙකු උවද බොදු බැති ගී ගැයිමේදි සිංහල බෞද්ධ සිත්තුල බුද්ධාලම්බන ප්‍රිතිය ඇතිවන අයුරින් ඒවා ගායනය කිරිමේ හැකියාවක් ඔහු තුල පැවතුනි. මොහු විසින් ගායනය කරන ලද භක්ති ගීත ප්‍රමාණයද අන් සිංහල බෞද්ධ ගායකයෙකුගේ මුවින් නොගැයු තරම්ය. සිංහල සංගිතයේ ගාම්බීර කටහඩක් හිමි ගායකයෙකු වන මොහිදීන් බෙග් 1991 නොවැම්බර් 4 දින අපෙන් සදහටම වෙන් විය

..:::එච්.ආර්. ජොතිපාල:::..



අප කවුරුත් ජොති යන ආදර නාමයෙන් හදුන්වන එච්.ආර්. ජොතිපාල ගායකයාණන් සුරතලි චිට්ත්‍රපටියෙන් ''සිරියාමේ සාරා' ගිතය ගායනා කරමින් ගායන දිවියට පිවිස එතැන් පටන් සිය ගනනක් ගී ගයා රසික සිත් අමන්දානන්දයට පත් කලේය. ජිවත්ව සිටියදි චිත්‍රපටහා කැසට් ශේස්ත්‍රයන් විජයග්‍රහනය කල ජොති වත්මන්හි පවා කැසට් ශේස්ත්‍රය තුල වාර්තාගත ජනප්‍රියත්වයක් පෙන්නුම් කොට ඇත. දශක කිපයක් හා අදටත් ජනප්‍රිය ජොති 1987 ජුලි මස 7 දින අපෙන් සමුගති...

ස්වභාදහම