Thursday, September 24, 2020

                                         ...:::සියුම් උපක්‍රමයක්:::...

 
ඕනෑම අවස්ථාවකදී ඔබ යම්කිසි දෙයක් කරන්නට පෙරාතුව ඊට සම්බන්ද අයගෙන් උපදෙස් පැතීම වටිනා 
දෙයකි.ඔවුන් ඔබට දෙනු ලබන උපදෙස් ‍තෝරා බේරගෙන ක්‍රියාත්මක කල යුතු අතර සමහර දෙයට කෝප නොවීමද ඔබගේ සාර්ථකත්වයට නියත වශයෙන්ම හේතුවනු ඇත.එසේම ඔබ නොදන්නා නොසිතනා පැතිකඩක් ඔවුන්ගේ උපදෙශයෙන් විවර වනු ඇත.එයින් ඔබගේ කාර්ය සිතුවාටත් වඩා හොදින් සාර්තක වීමට ඉඩ ඇත.එසේම ඔබ යම් අයකුගෙන් උපදෙස් පැතීමේදී උපදේශය දෙන්නාගේ සිතේ සියුම් ආඩම්බරයක් ඉපදී වඩාත් හොදින් ඔවුන් ඔබට නිවරදි මාර්ගය පෙන්වනු ඇත.ඕනෑම දෙයක් කිරීමට පෙරාතුව විචාර බුද්ධියකින් කටයුතු කරන්න. 

Monday, September 21, 2020

              


 

          හිමිදිරිය බොහෝ සුන්දර යයි බොහෝ අය පවසයි.සැබවින්ම එහි සුන්දරත්වයක් තිබේ.ගස්වැල් අතර සිට කුරුල්ලන් ඔබ මොබ යයි.ආහාර පිනිස යමක් සොයයි.නාද කරයි.එහෙත් කුරුල්ලන් එසේ ගී කියනා බව අප පැවසුව ද එහි ඇත්තේ වෙනකකි.ඔවුන් ආහාර සොයන්නට කෑ ගසයි.වෙනත් දේ සදහා කෑ ගසයි. ඒවා අපට ගී ලෙස හැගෙයි.අප ඔවුන්ගේ දුකේදී ඒ දෙස බලා සතු‍ටු වෙනවා නොවේද..?යමෙක් ගින්දරෙන් දැවෙද්දී ඒ වේදනාව දැනෙන්නේ ගින්දරට දැවෙන්නාට මිස බලා සිටින්නාට නොවේ..

                                                                      

                                                             ....:::: ඉවසීම :::....

  සිත් තැවුල් ඇති වන්නේ ඉවසීමක් නැති වූ විටය.නිමෙෂයක කෝපයක් නිසා ඔබට බොහෝ කාලයක් සිත් තැවුලෙන් සිටින්නට සිදුවෙයි.කෝපයක් ඇති වූ විට ඉවසන්න .තව කෝපයක් ඇති වූ විට නැවත  ඉවසන්න.දරාගත නොහැකි කෝපයක් ඇති වූ විටත් තවත් වතාවක් ඉවසන්න..එමගින් ඔබට සැනසීමක් හිමි වීම ඒකාන්තය..එනම් ඉවසීම ඔබට බොහෝ දේ සමීප කර දෙන අතර කේන්තිය ඔබට බොහෝ දේ අහිමි කරයි..
 

Thursday, July 9, 2020

.::::අනන්තයට නෝයන්න:::..


අහස් යානා තාක්ෂනය විශ්මිතය ,එහි ඇත්තේ සමබර තාවයයි.ඉහල අහසේ පාවී යන අහස් යානාවක තිබෙන මෙම සමබරතාවය අපගේ ජීවිතවලට ද අවශ්යම වන කාරණයකි.බොහෝ මිනිසුන් සමහර වැඩ වලදී අනන්තයට යන්නට උත්සාහ කරයි.ඒයින් ජීවිතයේ වන සමබරතාවය බිදී යයි. ජීවිතයේ අර්ථවත් බව නැති වීයන්නේ ඔබටත් නොදැනීමය.යහපත් දෙයක අනන්තයට යාමට උත්සාහ කලද අයහපත් දෙයක අනන්තයට කවදාවත්ම නොයන්න .අයහපත් දේ නොකරමින් තමාට හැකි ආකාරයෙන් යහපත් දේ හි නිරත වන්න.එයින් ඔබට සතුට ලගාකර ගනීමට හැකිය.

.::::කාලය පිළිබදව වටිනා නිර්වචනයක්:::..


ඔබ කිසිවෙකු වෙනුවෙන් මග බලා සිටින විට කාලය ගත වෙන්නේ හෙමින්. නමුත් ඔබ ‍රැකියාවට යන්න පරක්කු වෙන විට කාලය ඉතා වේගයෙන් ගත වෙනවා. ඔබ දුකින් සිටින විට කාලය හරිම අප්ප්‍රියයි.ඒ වගේම තමයි සතුටින් සිටින විට කාලය හරිම කෙටියි.ඔබ වේදනාවෙන් සිටින විට කාලය හරිම දිගයි.ඔබට එපා වී සිටින විට කාලය හරිම දිගයි.බලන්න.. සැම විටම කාලය තීරනය වන්නේ ඔබේ හැගීම් හා මානසික තත්වය මතයි..ඔරලොසුව අනුව නොවෙයි.....

Wednesday, July 8, 2020

.::::පාරා වළල්ල:::..


හිතට දුකක් ඇති වූ විට අප අතර සිටින අය එම දුක නැති කර ගැනීමට එම දෙය තමන්ගේ හිතවතකුට පැවසීම සිරිතය. එයින් හිත සැහැල්ලු වෙයි. එහෙත් ඔබගේ දුක අසන පුද්ගලයාගේ සිතේ ඇති වන්න්නේ කුමන ආකාරයේ සිතුවිලිද...? ඔබ ඔහුට හෝ ඇයට කියන්නේඔබගේ දුර්වලතාවයන් බව ඔබ සිතුවාද...? යම් හෙයකින් මතු දිනෙක දී ඔබව පාරවන්නට ඔහු හෝ ඇය යොදා ගන්නේ ද ඔබ පැවසූ වදන්මය.ඔබ සතු‍ටු වන දිනකදී ඔබව අසතුට පත් කරන්නේ එයයි.ඔබ ඔබගේ හිතේ ඇති වූ යම්කිසි දුකක් පිළිබදව තව කෙනෙකුට කියන්නට සිතා සිටිනවා නම් ඒ සදහා විශවාසවන්ත සමීප අයකුටම කියන්න.නෝඑසේ නම් කෙසේ හෝ එම දුක ඉවසාගන්නට වෙර දරන්න . ඒසේ උවහොත් අනාගතයේදී විය හැකි අපහසුතවයකින් ඔබට ගැලවීමට හැකිය. ඔබව මරා දමන්නට -ඔබගේ හිතේ සතුට නැති කරන්නට ඔබම ආයුධ විකුනන්නේ ඇයි. දරා ගැනීමේ ශක්තිය ඇති කර ගන්න.

..:::ඊර්ෂ්‍යාව නම් රෝගය :::..

         ඊර්ෂ්‍යාව නම් රෝගය වැලදුනහොත් එය සුවකිරීමට අපහසුය. ඊර්ෂ්‍යා කරන්නනේ තමන්ට වඩා සතුටින් හා දියුනු වී සිටින අයටය. යම් අයකු කතාබහ කරද්දී අනෙක් අයගේ දොස්ම කියයි නම් ඔහුගේ සිතෙහි ඊර්ෂ්‍යාව වැපිරී තිබේ. ඔබ ඔහුගෙන් හෝ ඇයගෙන් ප්‍රවේශම් විය යුතුමය. එසේ නොවුන හොත්  වෙනත් අය කතා කරද්දී ඔහු හෝ ඇය ඔබ ගැන ද එවැනිම වැරදි කියමින් කතා කරනු නියතය.